ගෙවෙනා රැයද මීදුමෙකින් වැසීගෙන
මා හද පතුලෙ නැගෙනා මිහිරි සතුටෙන
හිත ගත නැහැය විනිවිද යයි මඳ පවන
මඳ පවනකින් පිරෙනා මගෙ හද පතුළ
මඳ පින්නකින් වැඩිවිය මා ගත සිසිළ
මඳ එළියකින් දිළෙනා තරු කැට කැකුළ
මීදුම නිසා නොපෙනී යයි තරු මඬළ
හෝ ගා කඩා හැලෙනා දිය ඇලි පිරිලයි
කඳුකරයේ තේ දළු වතු සැම නිසළයි
මඳ එළියකින් දිළෙනා පිත්තල පහනයි
සතර දිශාවෙම සිසිලස රජ කෙරුණයි
තේ වතු අතරින් ඇළ දොළ ගලා යතී
සීතල ජලය මා මුව සෙමින් සිප ගතී
සොම්නස අතර සිසිලස ගත වෙලා ගතී
මා මුව මඬළ සතුටින් එය පිනා යතී
මෙය මවිසින් 16වැනි වියේදී, එනම් 11වසර පන්තියේ ඉගෙනුම ලබන අවදියේ නිර්මාණය කරන ලද කවි පන්තියකි. එම වසරේ අන්තර් පාසල් පද්‍ය රචනා තරඟය සඳහා යොමු කිරීමට සිසුවෙක් තෝරා ගැනීමට අවශ්‍ය විය.ඒ සඳහා අප පන්තියේ සිසුන් සියල්ලටම කවි පැදි නිර්මාණය කිරීමට එවකට අපගේ සිංහල විෂය භාර ගුරුතුමා වූ අමරදාස මයා විසින් අපට නියම කරන ලදී. මෙම කවි පන්තිය ඒ සඳහා නිර්මාණය කරන ලද්දක් වන අතර පහතින් දැක්වෙන්නේ එහි මුල් පිටපතයි.

2000.02.
Nice stuff bro .. Lovely words ... :)
ReplyDelete